ඔබේ සුනඛයාගේ බර වැඩිකර ගන්නේ කෙසේද?

සුනඛයකුගේ සෞඛ්‍යය යහපත් වීම සඳහා පරිපූර්ණ ශරීර තත්වයක් අත්‍යවශ්‍ය වේ. නිරෝගී බරක් ලබා ගැනීම සඳහා සුනඛයන්ට රාත්තල් ප්‍රමාණයක් අඩුකරගත යුතු වීම සාමාන්‍ය දෙයක් වන අතර සමහර සුනඛයන්ට බර වැඩි කර ගත යුතුය.
සුනඛයකු විවිධ හේතු නිසා බරින් අඩු විය හැකිය. ඔහු අසනීපයකින් හෝ තුවාලයකින් සුව ලබමින් සිටිනු විය හැකිය, මුල් ස්වාමියෙකුගෙන් වෙන් වීම නිසා කනස්සල්ලෙන් සිටිනවා විය හැකිය. එවන් අවස්ථාවලදී බර වැඩිවීම සඳහා සුනඛයාගේ ආහාර පිලිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වේ. නිවැරදි පෝෂණය මඟින් සුනඛයන්ට නිරෝගී බරක් ලබා ගත හැකි අතර එය ඔහුගේ සතුට හා ජීව ශක්තිය සඳහා සහාය වේ.

ඉතින්, ඔබේ බල්ලාගේ බර අඩු දැයි ඔබ කියන්නේ කෙසේද? වඩාත්ම පැහැදිලිව පෙනෙන ක්‍රමය නම් ඔහුගේ ඇටකටු දෙස බැලීමයි. මේදය නොමැතිව ඔබේ බල්ලාගේ ඉළ ඇට, කොඳු ඇට පෙළ සහ අනෙකුත් ඇටකටු ඔබට දැකිය හැකිද? ඔබේ බල්ලාගේ ශක්තිය අඩු වී තිබේද? ඔහුගේ ලොම් කබායේ දීප්තිය නැති වී තිබේද? එසේ නම්, ඔහු බරින් අඩු විය හැකි අතර වැඩි පෝෂණයක් අවශ්‍ය වේ. වහාම ඔබේ පශු වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න.

ඔබේ බල්ලාගේ බර අඩු වීම සිදු වී ඇත්තේ අසනීපයක් නිසා නොවන බව ඔබේ පශු වෛද්‍යවරයා තහවුරු කිරීමෙන් පසුව, ඔබේ සුනඛයාට සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගැනීමට උදව් කිරීම පටන් ගත හැකිය. පළමුව, ඔහුගේ ආහාර වේලට වැඩි කැලරි ප්‍රමාණයක් එකතු කරන්න. බර වැඩිවීම සඳහා වෙලඳපොලේ ඇති ප්‍රෝටීන් වැඩි සත්ව ආහාර ඔබේ පශු වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව ලබා දෙන්න.

ඊළඟට, ඔබේ බල්ලාට දවස පුරා වැඩි අවස්ථා ගණනක් ආහාර ලබා දෙන්න, එවිට සුනඛයාට අවශ්‍ය කැලරි ලබා ගැනීමට පහසු වේ. පෝෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ඔහුගේ දෛනික පෝෂණ ප්‍රමාණය දවස පුරා කුඩා ආහාර ප්‍රමාණ ලෙස බෙදා දෙන්න. නිදසුනක් වශයෙන්, ඔබ සාමාන්‍යයෙන් දිනකට විශාල ආහාර වේල් දෙකක් ලබා දෙන්නේ නම්, ඒ වෙනුවට ඔහුට කුඩා ආහාර වේල් හතරක් ලබා දෙන්න. එමෙන්ම ඔහුගේ දිනකට අවශ්‍ය වියළි ආහාර ප්‍රමාණය ඔහුට බඩගිනි වූ ඔනෑම අවස්ථාවක ආහාරයට ගැනීම සඳහා තබා තැබිය හැක. කුඩා ආහාර රුචියක් ඇති සුනඛයන්ට මෙය වඩාත් හොඳින් ක්‍රියා කරයි. එහෙත් ඉක්මනින් ආහාර ගිල දමන සුනඛයන්ට මෙම ක්‍රමය මගින් එකවරම අධික ලෙස ආහාර ගැනීම නිසා ආහාර ජීර්ණ අපහසුතා අත්විඳිය හැකිය. එසේම, මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ වියළි ආහාර සමඟ පමණි, මන්ද තෙත් සුනඛ ආහාර දවස පුරා ඉතිරි වුවහොත් නරක් වනු ඇති නිසාවෙනි.

ඔබේ බල්ලා ආහාර තෝරා බේරා කන අයෙකු නම්, වියළි ආහාර මත තෙත් ආහාර දමා ඔහුව කෑමට පොළඹවන්න. රසය හා තෙතමනය වැඩි කිරීම සඳහා තෙත් හෝ ටින් කළ ආහාරයක් ඔහුගේ වියළි ආහාරයට එක් කරන්න. ඔහු තවමත් ආහාර ප්‍රතික්ෂේප කරන්නේ නම්, බර වැඩිවීම සඳහා ඔබට වෙනත් සුනඛ ආහාර වර්ගයකට මාරු වීමට සිදු විය හැකිය.

ඔබේ බල්ලා නිරෝගී බරක් ලබා ගන්නා තෙක් ඔබේ පශු වෛද්‍යවරයා විසින් නිර්දේශිත ප්‍රමාණයට වඩා පෝෂණය ලබා දීමට යෝජනා කළ හැකිය. එම අවස්ථාවේදී, නඩත්තු කිරීම සඳහා නිර්දේශිත පෝෂණ ප්‍රමාණයට වඩා ආහාර ලබා දෙන්න. ඔබේ සුනඛයා ක්‍රියාශීලී වී සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගන්නා තෙක් බර වැඩිවීම සඳහා ඉහළ ප්‍රෝටීන් සුනඛ ආහාර ඔබට දිගටම ලබා දිය හැකිය. ඔබේ බල්ලාගේ බර නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යන්න, බර අඩු බව දිගටම පවතින්නේ නම් ඔබේ පශු වෛද්‍යවරයා හමුවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *