කුඩා දරුවෙකු සිටින නිවෙසක සුනඛයෙකු සිටිය යුත්තේ ඇයි ? හේතු 5 ක්.

සුනඛයන් කියන්නෙ බොහොම සුරතල් වගේම ඉතාමත් මිත්‍රශීලී සත්ව කොට්ඨාශයක්. මේ නිසා බොහොමයක් කුඩා දරුවන් සුනඛයන්ට ආදරෙයි. කොහොම නමුත් කුඩා කාලයේ පටන් ම සුනඛයෙකු සමඟ එකට හැදී වැඩීම කුඩා දරුවෙකුගේ ශාරීරික හා මානසික සංවර්ධනයට බලපාන වන බව ඔබ දැන සිටියා ද? මේ ලිපියෙන් අපි කතාකරන්නට බලාපොරොත්තු වන්නේ කුඩා කාලයේ පටන් ම සුනඛයෙකු සමඟ එක්ව හැදී වැඩීමෙන් දරුවෙකුගේ ජීවිතයට ලැබෙන ප්‍රධාන වාසි පහක් පිළිබඳවයි.

1.නොසැලෙන මිත්‍රත්වයක්

ළමා කාලයේ දී දරුවෙකු මුහුණ දෙන විවිධාකාර අත්දැකීම් හමුවේ, සුනඛයකුගේ නිරන්තර මිත්‍රත්වය ඔවුන්ට මහත් සැනසීමක් ලබා දෙනවා. මේ මිත්‍රත්වය තුළින් ජීවිතයේ සමහර දුෂ්කර පාඩම් තනිව ඉගෙනගැනීමට දරුවන්ට මඟ පාදා දෙනවා. විශේෂයෙන් ම දරුවෙකුට දුකක්, කෝපයක් හෝ බියක් වැනි හැඟීමක් ඇති වූ විට දී ඔවුන්ට ඒ හැඟීම තමන්ගේ සුරතලා සමඟ බෙදාගැනීමට පුළුවන්. සුනඛයන් සුරතල් කිරීම මානසික ආතතිය දුරු කර මනස ලිහිල් කිරීමට උදව්වන්නක්.

2. ක්‍රියාශීලී ජීවන රටාවක්

සුනඛයෙකු රැකබලාගැනීම වඩාත් ක්‍රියාශීලී ජීවන රටාවකට මඟ පාදනවා. පරීක්ෂණවලින් හෙළි වී ඇති ආකාරයට සුනඛයින් සිටින දරුවන්, ඔවුන්ගේ සම වයසේ අනෙක් දරුවන්ට වඩා දිනෙකට වැඩිපුර මිනිත්තු එකොළහක් ව්‍යයාමවල යෙදෙනවා. එය විශාල වේලාවක් වගේ නොපෙනුනත්, එම මිනිත්තු ගණන මාසයක් පුරා එකතු කර බැලුවොත් එය සැළකිය යුතු තරම් වේලාවක් බව ඔබට පෙනී යාවි. බොහෝ සුනඛයින්ට දිනපතා ඇවිදීම, දිවීම හෝ ක්‍රිඩා කිරීම අවශ්‍ය වනවා. එපමණක් ද නොවේ, බොහෝ සුනඛයින් ක්‍රිඩා කිරීම සඳහා දරුවන්ව පොළොඹවාගැනීමට ද දක්ෂයි.

3. වගකීම් දැරීම

නිවසේ සුරතල් සතෙකු සිටීම කුඩා දරුවන්ට වගකීම් ඉගැන්වීමට ඇති හොඳම ක්‍රමයක්. පවුලේ සුනඛයාට ආහාර හා ජලය ලබා දී ඇති බවට වගබලා ගැනීම ඔවුන්ට වගකීම හා වගවීම ගැන පළමු පාඩම කියා දෙනවා. ඔවුන් තම සුරතල් සතුන් රැකබලා ගැනීමෙන් සංවේදනය සහ අනුකම්පාව ගැන ඉගෙන ගන්නා අතර ම, සුරතල් සතුන්ව වගකීමකින් යුතුව රැකබලා ගැනීමෙන් ඉහළ ආත්ම අභිමානයක් ද වර්ධනය කර ගන්නවා.

4. යහපත් සෞඛ්‍යක්

අධ්‍යනවලින් හෙළි වී ඇති ආකාරයට සුරතල් සතෙකු සමඟ සමීප සබඳතා ඇති දරුවන්, ඔවුන්ගේ ජීවිතයේ පළමු වසර තුළ දී රෝගාතුර වන්නේ ඉතාමත් අඩු වශයෙන්. සුරතල් සතුන් සමඟ එළිමහනේ සිටීම සහ සුරතල් සතුන් නිවස තුලට ගෙන එන ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය වීම ළදරුවන්ගේ වර්ධනය වෙමින් පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට උපකාරී වනවා. එමෙන් ම සුනඛයන් සමඟ හැදී වැඩෙන දරුවන්ට විවිධ අසාත්මිකතා ඇතිවීමේ අවදානම ද ඉතාමත් අඩු බව‍යි පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ.

5. සන්තෝෂය පරම ධනයයි

ඔබේ නිවෙසේ සුනඛයෙක් සිටීමෙන් ඇති ප්‍රධානම වාසියනම්, ඔහු ඔබේ දරුවාව සතුටින් තැබීමයි. මිනිස් මනසේ ධනාත්මක හැඟීම් ඇතිකිරීමට මූලික වන ඩොපමයින් සහ සෙරටෝනින් රසායනිකයන් ඉහළ නැංවීමට සුනඛයින් සමඟ ක්‍රීඩා කිරීම ඇතුළු ඔවුන් සමඟ සිදුකරන අන්තර් ක්‍රියාකාරකම් ඉවහල් වන බව පරීක්ෂණ මඟින් ඔප්පු කර තිබෙනවා. සියළුම විද්‍යාත්මක කරුණු පසෙකින් තැබුවත් සුනඛයින් සමඟ අන්තර් ක්‍රියාකාරකම්වල නිරත වීම ඔබේ දරුවාට සරල විනෝදයක් ගෙන දෙනවා. එය අනාගත ජීවිතය සඳහා දරුවාට වුවමනා වන යහපත් ගුණාංගවලින් ඔහුව පොහොසත් කිරීමට ඉවහල් වනවා.

ඉතින් ඔබේ පවුලට සුනඛයෙකු සිටීම ඔබගේ දරුවාට දිය හැකි ඉහළම ත්‍යාගයක් ලෙස හැඳින්විය හැකියි.

——————————————————————————————————————

MyDog Shop වෙතින් සුවපහසු සුනඛ මෙට්ට හා තවත් නිෂ්ඃපාදන නිවෙසටම ගෙන්වා ගැනීම සඳහා පිවිසෙන්න.
https://shop.mydog.lk/product-category/dog-accessories/

තව තවත් මෙවැනි ලිපි සකස් කිරීම වෙනුවෙන් MyDog Space ලේඛකයන් වෙහෙසෙන අතරතුර පහත ලෙස ඔබට හැකි පමණින් අනුග්‍රහයක් දැක්වීමට ඔබත් අදහස් කරන්නේ නම් එය ඉතාමත් ප්‍රශංශනීය වේ!

තේ එකක් (රු 100)  |Fresh Juice එකක් (රු 300)කොත්තුවක් (රු 500) | බර්ගර් එකක් (රු 1000) | පිට්සා එකක් (රු 3000) | කැමති දෙයක් ගන්න (රු 5000)

අපගේ Social Media පිටු සමඟින් එක්වන්න.
Facebook | Instagram

මූලාශ්‍ර :-

https://www.purina.com/articles/dog/getting-a-dog/5-benefits-of-dogs-and-children-growing-up-together

Leave a Reply

Your email address will not be published. Required fields are marked *