Uncategorized
සුනඛයන්ට පාට දැකිය හැකිද?

සුනඛයන්ට පාට දැකිය හැකිද?

සුනඛයන්ට වර්ණ දැකිය හැක්කේ අප දකින ආකාරයටමද? සුනඛයකුගේ දෘෂ්ටි කෝණයෙන් ලෝකය ගවේෂණය කිරීමට හා එය මිනිසුන් වන අප හා සැසඳීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ!

මිදුලේ ඇති කොළ පැහැති තණකොළ සහ එහි සැඟවී ඇති දීප්තිමත් රතු සෙල්ලම් බඩු ගැන අපගේ සුනඛ සගයන්ට අප හා සමානවම පෙනේද? සුනඛ දෘෂ්ටිකෝණයකින් බලන විට වර්ණ බොඳ වී තිබේද? මෑත අධ්යයනයන්ට ස්තූති වන්ත වන්නට, අපට සුනඛ දෘෂ්ඨිය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිය. සුනකයකු ලෝකය දකින්නේ මෙසේය. 

සුනඛයන්ට වර්ණය දැකිය හැකිද?

බොහෝ අය විශ්වාස කරන්නේ සුනඛයන් කළු-සුදු පැහැයෙන් දේවල් දකින බවත්, ඔවුන්ට පරිසරයේ ඇති විවිධ වර්ණ අතර වෙනස හඳුනාගත නොහැකි බවත්ය. කෙසේ වෙතත්, මෙය වැරදි සහිත වේ. විද්‍යාඥයන් විසින් සුනඛයන්ට වර්ණ දැකිය හැකි බව පෙන්වා දී ඇති නමුත් විවිධ වර්ණ හා තීව්‍රතාව පිළිබඳ ඔවුන්ගේ දෘෂ්ඨිය මිනිසුන්ට වඩා වෙනස් විය හැකිය.

සුනඛ දර්ශනය මිනිස් දෘෂ්ටියට වඩා වෙනස් වන්නේ කෙසේද?

ක්ෂීරපායින් අතර දෘෂ්ඨියේ  බොහෝ සමානකම් තිබුණද, බල්ලන් සහ මිනිසුන් පරිණාමය වී ඇත්තේ දර්ශනයේ වෙනස් චර්යාත්මක අවශ්‍යතා සමඟ ය. නිදසුනක් වශයෙන්, බොහෝ සුනඛයන් සැබවින්ම, ආලෝකයේ මට්ටම අඩු වූ විට උදේ සහ සවස් කාලයේ වඩාත් ක්‍රියාකාරී වේ. නමුත්, මිනිසුන් ස්වභාවිකවම දිවා කාලයේදී වඩාත් ක්‍රියාකාරී වේ. සුනඛයන් සහ මිනිසුන් අතර දර්ශනයේ වෙනස්කම් සඳහා හේතු වන බොහෝ චර්යාත්මක හා ව්‍යුහාත්මක හේතු අතර මෙය එක් උදාහරණයක් පමණි.

සුනඛයන්ගේ වර්ණ පරාසය

අපට පරිසරයෙන් ලැබෙන ආලෝකය පතිත වන්නේ දෘෂ්ටි ස්නායුව හරහා මොළයට සම්බන්ධ වන ඇසේ පිටුපස ඇති දෘෂ්ටි විතානයටය. දෘෂ්ටි විතානයට ළඟා වීම සඳහා කණීනිකාව  සහ කාචය හරහා ආලෝකය ගමන් කරයි. දෘෂ්ටි විතානයේ වැදගත් සෛල වර්ග දෙකක් තිබේ. යෂ්ඨි සෛල හා කේතු සෛල වශයෙනි. මේ සෛල වර්ග දෙකම ආලෝක සංවේදී වේ.

වර්ණ පෙණීම සඳහා කේතු සෛල බොහෝ දුරට වගකිව යුතුය. මිනිසුන් ත්‍රිකෝමැටික වේ, එයින් අදහස් වන්නේ අපට නිල්, රතු සහ කොළ ලෙස කේතු සෛල වර්ග තුනක් ඇති බවයි. කෙසේ වෙතත්, සුනඛයන් ද්විමැටික වන අතර ඔවුන්ට ඇත්තේ  නිල් සහ ඒකාබද්ධ රතු / කොළ ලෙස කේතු සෛල වර්ග දෙකක් පමණි. මෙයින් අදහස් වන්නේ වර්ණ අතර වෙනස හඳුනා ගැනීමට බල්ලෙකුට ඇති හැකියාව රතු-කොළ වර්ණ-අන්ධතාව ඇති පුද්ගලයෙකුට වඩා සමාන බවයි.

ඔවුන්ට අඩු ආලෝකයක් ප්‍රමාණවත් වේ.

බල්ලෙකුගේ දර්ශනය පරිණාමය වී ඇත්තේ උදේ සහ සවස් යාමයේ දී ඔවුන්ට හොඳින් දඩයම් කිරීමට හැකි වන ලෙසය. මෙයින් අදහස් කරන්නේ මිනිසුන්ට වඩා දෙවන වර්ගයේ වර්ණ සංවේදක සෛල, එනම් යශ්ඨි සෛල විශාල ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බවයි. චලනය හඳුනා ගැනීම සඳහා ද යශ්ඨි සෛල මූලික වශයෙන් වගකිව යුතු අතර කේතු සෛල වලට වඩා අඩු ආලෝක මට්ටම්වලදී ඒවා සංවේදනය වේ.

ඔවුන්ගේ දර්ශන පරාසය අපට වඩා පුළුල්‍ වේ.

සුනඛයන්ට පුදුමාකාර දර්ශන පරාසයක් ඇත. මිනිසුන්ට අංශක 180 ක් දක්වා විහිදෙන දෘෂ්ටි කෝණයක් ඇති අතර, සමහර සුනඛ වර්ගයන්ට අංශක 240 ක් දක්වා දැකිය හැකිය. එමඟින් ඔවුන්ට විශිෂ්ඨ පෙනීමක් ලබා දේ. ඔවුන්ගේ එම පුළුල් දෘෂ්ඨි කෝණය විසින්, හිස හැරවීමකින් තොරව අවධානයට යොමු කළ යුතු දේවල් දෙස බැලීමට ඔවුන්ට උපකාරී වේ.

චලන සංවේදීතාව

මිනිසුන්ට වඩා චලනයේ වෙනස්කම් වලට බල්ලන් සංවේදී වේ. මෙයට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ දෘෂ්ටි විතානයේ ඇති  යෂ්ඨි සෛල වැඩි වීමයි. අද කාලයේනම් අපගේ ලොම් සහිත මිතුරන් රාත්‍රියේ සැරිසැරීම දුර්ලභ වුවද, චලිතය පහසුවෙන් හඳුනා ගැනීමට ඔවුන්ට ඇති හැකියාව හා අඳුරු ආලෝකයේ ඔවුන්ගේ විශිෂ්ට දර්ශනය විසින් ඔවුන්ව වනාන්තරයේ නිර්භීත දඩයම්කරුවන් බවට පත් කර ඇත.

සුනඛයන්ට වඩාත්ම දැකිය හැකි වර්ණ මොනවාද?

එම ප්‍රශ්නයට පිළිතුර නම් සුනඛයන්ට වර්ණය දැකිය හැකි බව නිශ්චිත නමුත් සමහර වර්ණ අනෙක් ඒවාට වඩා හොඳින් පෙනෙනු ඇති බවයි. සුනඛයෙකුට ඩියුටෙරානෝපියා ඇති බව සැලකේ. එනම් ඔවුන්ට මූලික වශයෙන් නිල්, කහ සහ අළු දැකිය හැකි අතර රතු සහ කොළ අතර වෙනස හඳුනාගත නොහැකි බවයි. කෙසේ නමුත් අපට මේ පිලිබඳව පරීක්ෂණය කළ හැකි සීමාවන් ඇති බව මතක තබා ගැනීම වැදගත්ය. එබැවින් සුනඛයන්ට දැකිය හැකි වර්ණ මොනවාදැයි හරියටම අපට කිව නොහැක.

Image by Pexels from Pixabay

source : https://www.purina.co.uk/dogs/behaviour-and-training/understanding-dog-behaviours/can-dogs-see-colour

Leave a Reply

Your email address will not be published. Required fields are marked *