Uncategorized
සුනඛයන්ට වර්ණ දැකිය හැකිද?

සුනඛයන්ට වර්ණ දැකිය හැකිද?

සුනඛයන්ට කලු සුදු පැහැයෙන් තොරව වර්ණයන් දැකිය නොහැකි බවට මතයක් තිබුනද සුනඛයන්ට වර්ණ දැකිය හැකි බව පරීක්ශන වලින් තහවුරු වී ඇත. එහෙත් ඔවුන්ට මිනිසුන්ට හා සමානව වර්ණ නොපෙනේ. මන්ද සුනඛයින්ගේ ඇස්වල ව්‍යුහය සහ ඒවායේ ඡායාරූප ප්‍රතිග්‍රාහක හැකියාව මිනිසුන්ගේ ඇසේ ව්‍යුහයන්ට වඩා වෙනස් වන බැවිනි.

ඔවුන් දකින වර්ණ මොනවාද?

සුනඛයන්ගේ ඇස්වල ඇත්තේ කේතු වර්ග 2 ක් පමණි (මිනිස් ඇස්වල කේතු වලින් සියයට 20 ක් පමණි). මේ නිසා, ඔවුන්ගේ  වර්ණාවලිය අළු, දුඹුරු, කහ සහ නිල් වර්ණවලට සීමා වේ. මෙය රතු-කොළ වර්ණ අන්ධභාවයට පත්වන මිනිසුන්ට සමාන වන ද්විමාන දෘෂ්ටිය ලෙස හැඳින්වේ. රතු සහ තැඹිලි පැහැයන් වැනි සමහර වර්ණ සුනඛයන්ට දුඹුරු වැනි තවත් වර්ණයක් ලෙස පෙනේ. කොල පැහැදි දේ නිල් පැහැයෙන් දිස් විය හැකිය. ඒ වාගේම ලා නිල් සහ තද නිල් වැනි එකම වර්ණන්හි වර්ණ අතර වෙනස හඳුනා ගැනීමට බල්ලන්ට අපහසු විය හැකිය.

ඇතැම්විට ඔබේ සුරතලා ඔබ ලබාදෙන සෙල්ලම් බඩු හෝ සංග්‍රහ සොයා ගැනීමට වෙහෙසෙන්නේ නම්, ඉන් කියවෙනුයේ සුරතලාගේ උනන්දුවක් නොමැති බව ලෙස සිතුවද, සැබැවින්ම ඔබ ලබාදීමට උත්සහ කරන්නේ කුමක්දැයි උට නොපෙනී තිබීමට ඉඩ ඇත. එබැවින් ඔබට නැවත වාරයක් උත්සහ කිරීමෙන් ඌට අදාල භාණ්ඩය තිබෙන බව දැන්වීම සිදුකල හැක. මෙම තත්වය මගහැරවා ගැනීමට ඊළඟ වතාවේ ඔබ සුනඛ සෙල්ලම් බඩු සඳහා සාප්පු යන විට, නිල් හෝ කහ පැහැති භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කරන්න. එම වර්ණයන්ගේ භාණ්ඩ ඔවුන් විසින් බාදාවකින් තොරව හඳුනාගන්නා නිසා සුරතලා සමග සතුටින් ක්‍රීඩාකල හැක.

සුනඛයෙකුගේ දෘශ්ටිය මොන වගේද?

දිවා කාලයේදී සුනඛයෙකුගේ දෘශ්ටියෙහි තියුණුබව මිනිසෙකුට වඩා සියයට 50 කින් අඩුය. එබැවින් දිවා කල ඔවුන් දකින ජායාරූප බොඳ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. එනමුත් ඔබ ඉන් අධෛර්යයට පත්විය යුතු නැත. සුනඛයන් යනු ගඳ සුවඳ සහ ඇසීම පිළිබඳ ඉතා ඉහළ සංවේදීතාවන් ඇති සතුන් වන බැවින් ඔවුන්ගේ පැවැත්ව ආරක්ශා කරගැනීමට ඒවා මහඟු පිටුවහලක් වනු ඇත.

සුනඛයන්ට  අඳුරේ දැකිය හැකිද?

අඳුරු හෝ අඩු ආලෝක තත්වයන් තුළ සුනඛයන්ට හොඳින් දැකිය හැකිය. මෙයට හේතුව ඔවුන්ගේ ඇස් මිනිසුන්ගේ ඇස්වලට වඩා ව්‍යුහාත්මකව වෙනස් වීමයි. මිනිසුන්ට වඩා දෘෂ්ටි විතානයේ රොඩ් සෛල (අඩ අඳුරේ පැහැදිලි ජායාරූප ලබාදෙන සෛල විශේෂයක්) ඇති ඇති බැවින් ඔවුන්ගේ ඇස් චලනය හා ආලෝකයට වඩා සංවේදී වේ. මින් ඔබේ සුනඛයාට කුඩා චලනයන් තෝරා ගැනීමට සහ ආගන්තුකයන් හෝ ගොදුරු සිටින බව හඳුනා ගැනීමට ඉඩ සලසයි.

වෙනත් විලෝපික සතුන්ගේ මෙන් සුනඛයින්ටද ඔවුන්ගේ ඇස් පිටුපස පරාවර්තක පටල ස්ථරයක් ඇත. මෙම පටලය මගින් දෘෂ්ටි විතානයේ රොඩ් සෛල මගින් අවශෝෂණය නොකරන ආලෝකය උකහාගෙන එමඟින් ඇසට අමතර ආලෝකයක් ලබා ගනී. මින් ඔවුන්ගේ රාත්‍රී දර්ශනය ශක්තිමත් කරන අතර රාත්‍රී කාලයේ ඇස් දිදුලීමටද හේතු වේ.

——————————————————————————————————————

MyDog Shop වෙතින් කාර් සීට් කවර හා තවත් නිෂ්ඃපාදන නිවෙසටම ගෙන්වා ගැනීම සඳහා පිවිසෙන්න.
https://shop.mydog.lk/product-category/dog-accessories/

තව තවත් මෙවැනි ලිපි සකස් කිරීම වෙනුවෙන් MyDog Space ලේඛකයන් වෙහෙසෙන අතරතුර පහත ලෙස ඔබට හැකි පමණින් අනුග්‍රහයක් දැක්වීමට ඔබත් අදහස් කරන්නේ නම් එය ඉතාමත් ප්‍රශංශනීය වේ!

තේ එකක් (රු 100)  |Fresh Juice එකක් (රු 300)|  කොත්තුවක් (රු 500) | බර්ගර් එකක් (රු 1000) | පිට්සා එකක් (රු 3000) | කැමති දෙයක් ගන්න (රු 5000)

අපගේ Social Media පිටු සමඟින් එක්වන්න.
Facebook | Instagram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *