Uncategorized
සුනඛයන්ට හොල්මන් දැකිය හැකිද?

සුනඛයන්ට හොල්මන් දැකිය හැකිද?

අපට නොමැති බොහෝ සංවේදනයන් සුනඛයන්ට පෙනෙන දැනෙන බව අපි කවුරුත් දනිමු. ඉතින්, හොල්මන් යනු ඒවායින් එකක්ද? මෙම ලිපියෙන් අපි උත්සාහ කරන්නේ අතීතයේ පටන් පැවතෙන එම ප්‍රශ්නයට පිළිතුරු දීමට ය. “බල්ලන්ට අවතාර පෙනේද?”

අපේ සුනඛ මිතුරන් විශ්වාසවන්ත, මෘදු හා සෑම විටම විස්මිත ජීවීන් පිරිසක් වේ. නමුත් ඔවුන්ගේ සමහර ගුප්ත හැසිරීම් නිසා ඔවුන් පවුලේ වෙනත් සාමාජිකයන් ගෙන් වෙනස් වේ. සඳ දෙස බලා උඩු බිරීම, හිස් අවකාශය දෙස බලා සිටීම, කිසිදු හේතුවක් නොමැතිව හඬ නැගීම හෝ නොපෙනෙන සතුරෙකු පසුපස හඹා යන්නාක් මෙන් කාමරයෙන් පැන යාම වැනි හැසිරීම් මේ අතර වේ.

මෙවැනි හැසිරීම් රටාවලින් ගැටලුවට පත් සුනඛ සිමිකරුවන් ඒ සඳහා නොපෙනෙන ලෝක වල පැහැදිලි කිරීම් සෙවීමට පටන් ගෙන තිබේ. අපේ කකුල් හතරේ මිතුරන්ට අද්භූත දේ සමඟ සම්බන්ධයක් තිබිය හැකිද? බල්ලන්ට අවතාර දැකිය හැකිද? එම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර, අපට නොදැනෙන බල්ලන්ට ඇති සංවේදන කුමක්ද යන්න අප තේරුම් ගත යුතුය.

බල්ලන් සහ ඔවුන්ගේ විස්මිත සංවේදීතාවන්

අවතාර යනු සැබෑවක් නම්, ඒ ගැන මුලින්ම දැන ගනු ඇත්තේ සුනඛයන් විසිනි. අපගේ මිනිස් පරාසයන්ගෙන් ඔබ්බට ගිය සංවේදීතාවන් සමඟ, සුනඛයින්ට අපට නොදැනෙන නොඇසෙන බොහෝ දේ සංවේදනය වන ආකාරය පුදුම සහගතය. ගඳ සුවඳ සහ ඇසීම පිළිබඳ ඔවුන්ගේ විශිෂ්ඨ සංවේදීතාවන් පෙන්නුම් කරන්නේ අපට ලෝකය පිලිබඳව කොපමණ නම් තොරතුරු අහිමි වී යන්නේද යන්නයි.

සුවඳ

සුනඛයෙකුගේ සුවඳ දැනීමේ හැකියාව අපට වඩා 100,000 ක් තරම් ගුණයක් වැඩි බව ගණන් බලා ඇත. මෙයින් අදහස් කරන්නේ “බල්ලන්ට අවතාර දැකිය හැකිද” කියා අසනවා වෙනුවට වඩා හොඳ ප්‍රශ්නයක් වනුයේ “බල්ලන්ට අවතාර වල සුවඳ දැනිය හැකිද” යන්නයි. බල්ලෙකුගේ ගඳ සුවඳ දැනීම ඉහළ මට්ටමක පවතින අතර එය උසාවියක සාක්ෂියක් ලෙස පවා පිළිගනී. අවතාර සඳහා විශේෂිත සුවඳක් තිබේ නම්, අපේ බල්ලන් නිසැකවම එම සුවඳ දැන සිටිති.

ඇසීම

බල්ලන්ගේ ශ්‍රවණ හැකියාවන්ද මිනිස් පරාසයන්ගෙන් ඔබ්බෙහි වේ, එයින් අදහස් කරන්නේ අපට ඇසිය නොහැකි දේවල් ඔවුන්ට ඇසිය හැකි බවයි. අපට ඇසෙන ශබ්ද සඳහා ඉහළම සීමාව වන්නේ හර්ට්ස් 20,000 යි. Akc.org වෙබ් අඩවියට අනුව සමහර සුනඛයන්ට 65,000 Hz තරම් ඉහළ ශබ්ද ඇසෙයි. ඉතින්, මිත්‍රශීලී අවතාරයක් ඉහල සංඛ්‍යාතයකින් අප හා කතා කිරීමට උත්සහ කරන්නේ නම් නිසැකවම එය ඇසෙන්නේ අපට නොව අපගේ සුනඛ සුරතලාටය.

ඉතින්, බල්ලන්ට අවතාර දැකිය හැකිද?

සුනඛයන්ට අවතාර දැකිය හැකිද නැද්ද යන ප්‍රශ්ණයට නිශ්චිතවම පිළිතුරක් තවමත් සොයා ගැනීමට අපොහොසත් වී තිබේ. විද්‍යාත්මකව ගත් කළ, අවතාර පවතින බවට අපට සාක්ෂි නොමැත. සුනඛයන්ගේ සංවේදන පිළිබඳවත් තවත් සොයා ගැනීමට බොහෝ දේ ඇත. එ කෙසේ වෙතත් බොහෝ පිරිසක් විසින් සුනඛයන්ට අත්බූත දේ පෙනෙන බව විශ්වාස කරති. කිසිවක් නොමැති හිස් අවකාශය දෙස බලාගෙන බිරීමේ සිට අමුතු සුනඛ හැසිරීම් පිලිබඳව සාක්ෂි මේ සඳහා ඔවුහු ඉදිරිපත් කරති. නමුත් සැබවින්ම එවන් හැසිරීම් සඳහා පහත සඳහන් හේතු බලපෑ හැකිය.

තියුණු සංවේදනයන්

බල්ලන්ට ඇසෙන බොහෝ ශබ්ද සහ සුවඳ පිලිබඳව අප දන්නේ නැත. වාහනයක් මගින් ඇති කරන කම්පන පවා අපට වාහනය දැකීමට බොහෝ වේලාවකට පෙර බල්ලන්ට දැනිය හැකිය. කුරුමිණියන් වැනි කුඩා ජීවීන්ද සුනඛයන්ව බියට පත් කරනු ලබයි. අපට එය නිරීක්ෂණය කිරීම අපහසු වන අතර සුනඛයන් අදෘශ්‍යමාන අවතාරයක් සමඟ සටන් කරන බව අයෙකුට සිතෙනු ඇත. අපගේ දෘෂ්ටි කෝණයෙන් බැහැරව, වෙනත් සුනඛයෙකු හෝ වෙනත් සතුන් පිටත සිටියත් ඔවුන්ට සුවඳ දැනිය හැකිය. එබැවින් බල්ලන් අවතාර දකිනවා යැයි සිතෙන බොහෝ අවස්ථාවල සිදු වන්නේ අපට දකිනට නොලැබෙන සෙසු ලෞකික ජීවියෙකු වෙත සුනඛයා ප්‍රතිචාර දැක්වීමයි.

මියගිය පුද්ගලයන් හා සම්බන්ධය

විටෙක පවුලේ මියගිය සාමාජිකයෙකුගේ ඇඳ, මේසය හෝ අසුනක් වැනි වස්තූන් අසල සුනඛයන් රැඳී සිටිනු දකින්නට ලබේ. සුනඛ සගයන්ගේ පූර්ණ හැකියාවන් සම්බන්ධයෙන් අප තවමත් නොදැන සිටියද, මේ පිලිබඳ සරල පැහැදිලි කිරීමක් නම් ඔවුන් හා එම පවුලේ සාමාජිකයා සමඟ ඇති බැඳීම පිලිබඳ මතකයන් ක්‍රියාත්මක වීම විය හැකි වීමයි.

ආපදා සඳහා පූර්ව හඳුනා ගැනීම

සුනඛයන්ට ස්වාභාවික විපත් සිදුවීමට පෙර ඒවා දැනේය යන විශ්වාසය අලුත් දෙයක් නොවේ. නමුත් නවීන විද්‍යාව විසින් සුනඛයන් ඉදිරියේදී ඇතිවිය හැකි භූමිකම්පාවක්, සුනාමියක් හෝ සුළි සුළඟක් ගැන මුලින්ම දැන ගැනීමට හේතුව කුමක්දැයි  අපට වටහා ගැනීමට ඉඩ සලසා දී තිබේ. කාලගුණය වෙනස් වීමට ආසන්න බවට වන සලකුණක් වන බැරෝමිතික පීඩනය හඳුනා ගැනීමට සුනඛයන්ට හැකියාවක් ඇති බව පෙනේ. සමහර විශේෂඥයින් විශ්වාස කරන්නේ සුනඛයෙකුගේ ශ්‍රවණ හැකියාව විසින් තත්පර කිහිපයකට පෙර භූ කම්පන ක්‍රියාකාරකම් ඔවුනට ඇසීමට ඉඩ සලසන බවයි.

බරපතල සෞඛ්‍ය ගැටලුවක ලකුණු

අවාසනාවකට මෙන්, බල්ලන් අවතාර දකින බවට අපට හැඟීමක් ඇතිවීමට තවත් පැහැදිලි කිරීමක් තිබේ. එනම් නොසන්සුන්කම හෝ ඉබාගාතේ ඇවිදීම, වැඩිහිටි සුනඛයන්ට බලපාන සංජානන දුර්වලතා වැනි රෝගයක සලකුණු විය හැකිය. බාධාකාරී නින්දේ රටාවක් හෝ ව්‍යාකූලත්වයක් ඔබ දකින්නේ නම්, ඕනෑම රෝගයක් විය හැකි බැවින් ඔබ මෙම රෝග ලක්ෂණ පශු වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර බැලීමට වග බලා ගන්න.

“බල්ලන්ට හොල්මන් දැකිය හැකිද” යන ප්‍රශ්නයට පිළිතුර  “ඔබ බලාපොරොත්තු නොවූ” කාරණයක් වුවද, සුනඛයන් යනු විශ්මිත හැකියාවන් ඇති බුද්ධිමත්, පක්ෂපාතී සහ අපට කළ හැකි ඕනෑම දෙයක් ඉක්මවා යන හැකියාවන් ඇති සතුන් විශේෂයක් බව කිව යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *