Uncategorized
ඔබේ සුනඛයා සඳහා වැදගත්ම ගෘහස්ත පුරුදු 4ක්.

ඔබේ සුනඛයා සඳහා වැදගත්ම ගෘහස්ත පුරුදු 4ක්.

ඔබේ සුනඛයා සම්බන්දයෙන්  නිවැරදි ගෘහස්ථ පුරුදු රටාවක් අනුගමනය කිරීම මගින් සුරතලාට හොඳ සෞඛ්‍යය හා ජීවන තත්ත්වයක් ලබාදීමට උපකාරී වේ. ඉන් සුරතලාට හොඳ ශාරීරික සැනසීමක් ලබාදෙන අතර ඇතැම් විට ඔබේ පශු වෛද්‍යවරයාගේ අවධානය අවශ්‍ය විය හැකි ගැටළු පිළිබඳව හඳුනා ගැනීමටද ඉඩකඩ සලසයි.

සුනඛයා ස්නානය කිරීම

පවුලේ සෙසු අයට මෙන් සුනඛයන්ට නිතරම ස්නානය අවශ්‍ය නොවේ. අධික ලෙස ස්නානය කිරීමෙන් ඔබේ සුරතලාගේ ලොම් කබාය සහ සම වියළී යා හැකිය. ඔබේ සුනඛයා කොපමණ වාරයක් ස්නානය කලයුතුද යන්න රඳා පවතින්නේ සුරතලාගේ ලොම් කබා වර්ගය, ජීවන රටාව හෝ විශේෂිත සෞඛ්‍ය තත්වයන් ය.

සුනඛයාගේ ස්නානය සඳහා කාලය එළඹ ඇත්දැයි තීරණය කිරීමට ඔබට සුවඳ පරීක්ෂණය භාවිතා කළ හැකිය. එනම් සරලවම සුනඛයාගෙ අහිතකර ගන්ධයක් පැමිනේදැයි තමාම පරීක්ශා කර බැලීමයි. 

සමහර ද්විත්ව ලෝම කබා සහිත හෝ දිගු බූල් ඇති සුනඛයන් වර්ග (ලැබ්‍රඩෝ, බීගල්ස්, හස්කි, ආදිය) නෑවීමට අමතරව බ්‍රශ්වලින් පීරීමද සිදු කල යුතු වේ. ඒ වාගේම ඇතැම් සුනඛයින් නෑවීමෙන් ඔවුන් තුල කාංසාව හෝ කලකිරීම ඇති විය හැක. මෙය ඔබට සුරතලාගේ මුහුණේ ඉරියව් නිරීක්ශයෙන් පැහැදිලි කරගත හැක. නමුත් උපක්‍රම කිහිපයක් භාවිතා කොට ස්නානය කිරීමේදී සුරතලාට ඇතිවන ආතතිය පාලනය කල හැක.

ඒ සඳහා අවශ්‍ය වන්නේ,

සංග්‍රහ කිරීම්

සුනඛ බුරුසුව 

සුනඛ ආරක්ෂිත ෂැම්පූ (ද්විත්ව ලෝම කබා සහිත සුනඛයන් සඳහා විශේෂිත ෂැම්පු වර්ග ඇත )

සුනඛ-ආරක්ෂිත කන්ඩිෂනර් (දිගු හිසකෙස් සුනඛයන් සඳහා විශේෂිත කන්ඩිශනර් වර්ග ඇත )

ලිස්සා නොයන කාපට් එකක් 

තුවා කිහිපයක්

හෙයා ඩ්‍රයර් එකක්

සාර්ථක ස්නානයක රහස වන්නේ සූදානම් වීමයි. ඔබගේ සියලු සැපයුම් ස්නානය කරන ස්ථානයේ ඇති බවට වග බලා ගන්න. ලිස්සා නොයන කාපට් එක ටබ් එකේ හෝ එලිපහලියේනම් අදාල ස්ථානයේ හෝ බේසමේ අතුරන්න. එසේම, ජලය සුවපහසු උෂ්ණත්වයක පවතින බව තහවුරු කර ගන්න. හීටර් නැති අවස්තා වලදී නම් දහවල් කාලයේදී වඩාත් සුදුසු වේ. ඊළඟට, ඔබේ සුනඛයා සූදානම් කරන්න. ලිහිල් හිසකෙස්, සුන්බුන් සහ ගැටගැසීම් ඉවත් කිරීමට කටයුතු කරන්න

ඔබේ සුනඛයා මෘදු ලෙස නාන කාමරයේ හෝ බේසමක තැබීමෙන් ආරම්භ කරන්න. සුරතලාගේ සිරුර සෙමින් තෙත් කරමින්,  පිටුපස කකුල් වලින් පටන් ගෙන ඌව අලුත් තත්වයට හුරු කරවන්න.  ආරම්භයේදී සුරතාලට සංග්‍රහ කිරීමෙන් ඌගේ අවධානය වෙනතකට යොමු කිරීම හොඳ ක්‍රමයක් විය හැකිය. රටකජු බටර්, චීස් හෝ ඔහුගේ ප්‍රියතම කෑම වර්ගයක් බිත්තියේ හෝ අසල්වාසයේ ආලේප කිරීමද අවධානය වෙනතකට යොමු කිරීමක් ලෙස යොදාගත හැක. 

ශැම්පූ සහ කන්ඩිශනර් භාවිතා කිරීම එම භාණ්ඩ වල නිෂ්පාදන ලේබලවල ඇති උපදෙස් අනුව සිදු කරන්න. ඇස් සහ මුඛය අවට හැර අනිත් සියලු අංගයන් ක්‍රමානුකූලව ශැම්පූ කරන්න. අවසනදී යොදාගන්නා ශැම්පු සහ කන්ඩිශනර් සුරතලාගේ ලෝම අතුරින් සම්පූර්නයෙන්ම සෝදාදැමීමට වග බලාගන්න. 

ස්නානය කිරීම අවසන් වූ පසු සුනඛයා නිදහස් කිරීමට ප්‍රථම තුවායන් භාවිතයෙන් හැකිතාක් තෙත මාත්තු කරන්න. ඉන්පසු හෙයා ඩ්‍රයරය භාවිතයෙන් තව දුරටත් වියලීම සිදු කරන්න. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුනක් වන්නේ හෙයා ඩ්‍රයරයේ මුව සුරතාලට අඟල් කිහිපයක් ඈතීන් තබාගැනීමයි.

ලොම් පීරීම 

ලොම් පීරීම ඔබට ඔබේ සුරතලා සමඟ බැඳීම් වැඩිකරගැනීමට ඇති පහසුම ක්‍රමයකි. හිස සිට පාදය දක්වා සියලුම් ලොම් සහිත ස්ථාන බ්‍රශ් එකෙන් පිරි මදින්න. ඉන් ගැලවී ගිය ලෝම ඉවත්ව යන අතර ලොම් හැලීමද අඩුවේ. මෙහි අමතර වාසිය වනුයේ මෙම ක්‍රමයෙන් සුනඛයාගේ සමට සම්බාහනයක්ද ලැබීමයි.  සුනඛයාගේ වර්ගය අනුව භාවිතා කල හැකි විවිද බ්‍රශ් වර්ග වෙළඳපොලේන් මිලඳීගත හැක.

සුනඛයාගේ කන් පිරිසිදු කිරීම

කනෙහි පිරිසිදුකම සුනඛයින් සඳහා ඉතා වැදගත් වේ. එබැවින් ඒවා නිතිපතා පිරිසිදු කිරීම කලයුතුය. 

ඔබට අවශ්‍ය වන්නේ,

කුඩා කපු රෙදි කැබලි කිහිපයක්

වෛද්‍යවරාය අනුමත කල කන් පිරිසිදු කිරීමේ ද්‍රාවණයක්

පිස දැමීමට රෙදි කැබැල්ලක්

කපු රෙදි කඩ බෝලයක් ලෙස සකසා එය නිවරදි මාත්‍රාවෙන් ද්‍රාවණයෙන් පොඟවා කනෙහි මතුපිට පෙනෙන සියලු ස්ථාන වල පිසදමන්න. එකම කපු රෙදි බෝලයක් කන් දෙකටම භාවිතා කිරීමෙන් වලකින්න. මන්ද ඉන් එක් කනක් යම්කිසි විසභීජයකින් ආසාදනය වී ඇත්නම් එය අනිත් කනටද පැතිරීම සිදු විය හැක. කන් සුද්ද කර අවසන් වූ විට ඔබේ කපු බෝලය අධික ලෙස අපිරිසිදු නම්,  එසේම, රතු කන්, ගන්ධ හෝ දැවිල්ල ඇතිවීමේ සලකුණු පෙනෙන්නට තිබෙ නම් ඔබේ පශු වෛද්‍යවරයා හමුවී උපදෙස් ගැනීම වැදගත් වේ. ඔබේ සුරතලාගේ කන් ස්පර්ශ කිරීමෙන් ඌට  අපහසුතාවක් ගෙනදෙනු ඇත. ඒ නිසා ඉතා මෘදු ලෙස කටයුතු කරන්න. අවශ්‍ය නම් සංග්‍රහ දීමෙන් සුරතලා තෘප්තිමත් කල හැක.

සුනඛ දන්ත සනීපාරක්ෂාව

සුනඛයා සඳහා වැදගත්ම ගෘහස්ත පුරුදු සැලකීමේදී කන් පිරිසිදු කිරීම මෙන්ම දන්ත සනීපාරක්ෂාව පවත්වා ගැනීම ඔබේ සුරතලාට ඉතා වැදගත් වේ. ඉන් බැක්ටීරියා අඩු කිරීමට ක්‍රියාකොට ආසාදන වීම් අවම කිරීමට උපකාරී වේ. නිතිපතා දත් මැදීම දන්ත රෝග වළක්වා ගැනීමට උපකාරී වේ. මෙය ඔබගේ සුනඛයාට ටිකක් අපහසුතාවයක් විය හැකිය, නමුත් ඔබ එය නිතර නිතර කරන විට ඌ එයට පුරුදු වනු ඇත. වෛද්‍ය නිර්දේශය නම්  සතියකට දෙතුන් වතාවක් දත් මැදීම සිදු කල යුතු බවයි. 

ඔබට අවශ්‍ය වන්නේ,

දත් බුරුසුව

සුනඛ දන්තාලේප (මිනිස් දන්තාලේප භාවිතා නොකරන්න)ඔබේ සුනඛයාට ඌගේ දන්තාලේපයේ කුඩා ප්‍රමානයක රසය ලබා දීමෙන් ආරම්භ කරන්න. ඊළඟට, බුරුසුව භාවිතා කොට මෘදු ලෙස මදින්න. සුරතලාගේ විදුරුමස් ඔසවා ඌගේ දත් සහ විදුරුමස් මත දන්තාලේප මෘදු ලෙස තවරන්න. දත් මදින විට, ඉදිමීම සහ පැහැය වෙනස් වීම් සඳහා විදුරුමස් පරීක්ෂා කරන්න. විනාඩි දෙක තුනක් මැදීම සෑහේ.

——————————————————————————————————————

MyDog Shop වෙතින් කාර් සීට් කවර හා තවත් නිෂ්ඃපාදන නිවෙසටම ගෙන්වා ගැනීම සඳහා පිවිසෙන්න.
https://shop.mydog.lk/product-category/dog-accessories/

තව තවත් මෙවැනි ලිපි සකස් කිරීම වෙනුවෙන් MyDog Space ලේඛකයන් දිරිමත් කිරීමට ඔබත් අදහස් කරන්නේ නම් එය ඉතාමත් ප්‍රශංශනීය වේ!

අනුග්‍රහය දක්වන්න: තේ එකක් (රු 100)  |Fresh Juice එකක් (රු 300)|  කොත්තුවක් (රු 500) | බර්ගර් එකක් (රු 1000) | පිට්සා එකක් (රු 3000) 

අපගේ Social Media පිටු සමඟින් එක්වන්න.
Facebook | Instagram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *