Uncategorized
සුනඛ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු.

සුනඛ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු.

ආමාශ ආන්ත්රයික අවපීඩනය (Gastrointestinal) සුනඛ ආහාර ජීර්ණ පද්ධතියේ පොදු ගැටළුවකි. එය සුනඛයන් ඔවුන්ගේ පශු වෛද්යවරයා වෙත ගෙන ඒමට වඩාත් පොදු හේතුවක් ලෙසද සැලකිය හැක.

සුනඛ ආහාර ජීර්ණ පද්දතියේ ගැටළු, පුළුල් පරාසයක රෝග ලක්ෂණ මගින් පෙන්නුම් කරයි.

ආහාර රුචිය නැතිවීම

අධෝමාර්ගයෙන් අතිරික්ත වායුව නිතර පිටවීම

වමනය

මලබද්ධය

පාචනය

ගිලීමේ අපහසුතාව

සුනඛයාගේ ආහාර ජීර්ණ පද්ධතියට විවේක ගැනීමට අවස්ථාවක් ලබා දීමෙන් පසු සමහර සුනඛ ආහාර ජීර්ණ ගැටළු විසඳෙනු ඇත. නමුත් වඩාත් බරපතල තත්වයන් නිසා බර අඩු වීම, විජලනය හා දුර්වල වීම සිදුවිය හැකිය. මේ සඳහා ඔබේ පශු වෛද්යවරයාට සුදුසු ප්රතිකාරය තීරණය කළ හැකිය.

සුනඛ ආහාර ජීර්ණ ගැටළු අවබෝධ කර ගැනීම

ආමාශ ආන්ත්රයික ආබාධ සාමාන්යයෙන් සුනඛ ආහාර ජීර්ණ පද්ධතියට බලපාන අතර, ඉන් පෝෂ්‍ය පදාර්ථ ජීර්ණය කර අවශෝෂණය කර ගැනීමට සුනකයෙකුට ඇති හැකියාව අඩාල කරයි. මෙම ගැටළු වලට විවිද හේතු තිබිය හැක.

ආහාර වේලෙහි හදිසි වෙනසක්

හදිසි කම්පනය

අවිනිශ්චිත ආහාර දීම් රටාව

විෂ ශරීරගත වීම

අසාත්මිකතා

මැක්කන් වැනි පරපෝෂිතයන් බහුල වීම

ඇතැම් බෙහෙත්

සුනඛ ආහාර ජීර්ණ ගැටළු නිසි ලෙස හඳුනා ගැනීම බොහෝ විට දුෂ්කර ය. ඒ වාගේම සුනඛයාගේ ගැටලුව හඳුනා ගැනීම ඔබේ පශු වෛද්‍යවරයාට අභියෝගයක් විය හැකිය. කාරණාව වඩාත් සංකීර්න වනුයේ සුනඛ ආහාර ජීර්ණ පද්ධතියේ ඕනෑම කොටසක, මුඛයේ සිට ආමාශය, අක්මාව, අග්න්‍යාශය හා බඩවැල් ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවීමේ හැකියාව නිසාය.

ඵලදායි ප්රතිකාර

රෝග ලක්ශන වල බරපතලකම සහ වර්ගය මත පදනම්ව, සුරතලාගේ ප්‍රතිකාරයට ආමාශයට සංවේදී ආහාර පාන ලබාදීම, වෛද්ය ප්‍රතිකාර කිරීම හෝ ඇතැම් විට ශල්‍ය කර්ම වලට භාජනය කිරීමද සිදු කල හැක. අමතර රෝග විනිශ්චයන් සඳහා පරීක්ෂණ කරන විට ඔබේ පශු වෛද්‍යවරයා විසින් රසායනාගාර විශ්ලේෂණයන්, විකිරණශිලි හෝ එන්ඩොස්කොපි වැනි ක්‍රියා පටිපාටියක් නිර්දේශ කළ හැකිය. එයට කුඩා වීඩියෝ කැමරාවක් සහිත නලයක් ඔබේ බල්ලාගේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු කිරීම සිදු කරයි. මෙය ගැටළුව දෘශ්‍යමාන කිරීමට උපකාරී වේ.

ආමාශ ආශ්‍රිත ආබාධ ආමාශය හා බඩවැල් දැවිල්ල හෝ වේදනා දිය හැකි බැවින්, සැමවිටම පහසුවෙන් ජීර්ණය කළ හැකි ආහාර වේල් ලබාදීම මඟින් පෝෂක සමතුලිතතාව ලැබී ඔබේ සුනඛයාට නීරෝගීව කාලය ගත කල හැක.

——————————————————————————————————————

MyDog Shop වෙතින් කාර් සීට් කවර හා තවත් නිෂ්ඃපාදන නිවෙසටම ගෙන්වා ගැනීම සඳහා පිවිසෙන්න.
https://shop.mydog.lk/product-category/dog-accessories/

තව තවත් මෙවැනි ලිපි සකස් කිරීම වෙනුවෙන් MyDog Space ලේඛකයන් වෙහෙසෙන අතරතුර පහත ලෙස ඔබට හැකි පමණින් අනුග්‍රහයක් දැක්වීමට ඔබත් අදහස් කරන්නේ නම් එය ඉතාමත් ප්‍රශංශනීය වේ!

තේ එකක් (රු 100)  |Fresh Juice එකක් (රු 300)|  කොත්තුවක් (රු 500) | බර්ගර් එකක් (රු 1000) | පිට්සා එකක් (රු 3000) 

අපගේ Social Media පිටු සමඟින් එක්වන්න.
Facebook | Instagram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *