සුනඛ නින්ද – නිදාගැනීමේ ඉරියව් සහ පුරුදු විසින් ඔවුන්ගේ පෞරුෂත්වය හා සෞඛ්‍යය ගැන ඔබට බොහෝ දේ කි‍යා දේ.

සුනඛ නින්ද සම්බන්ධ කරුණු වන සුනඛයන් නිදා සිටින ස්ථාන, ඔවුන් ගැස්සෙන ආකාරය හෝ චලනය වන ආකාරය සහ ඔවුන් කෙටි නින්දේ පසුවන වෙලාව විසින් ඔවුන්ට හැඟීම් දැනෙන ආකාරය පිළිබඳව බොහෝ දේ හෙලි කරනු ලබයි.

නිදාගැනීමේ පුරුදු මඟින් බල්ලෙකුගේ සෞඛ්‍යය හා සතුට පිළිබඳ ඉඟි ලබා දෙන අතර ඔබ විමසිල්ලෙන් සිටින්නේ නම් ඔබට බොහෝ දේ දැනගත හැකි වනු ඇත. ඇත්ත වශයෙන්ම, ඔබේ සුනඛයාගේ නිදාගැනීමේ හැසිරීම් පිළිබඳ අසාමාන්‍ය හෝ වෙනස් දෙයක් ඔබ දුටුවහොත්, ඔහුව පරීක්ෂා කිරීම සඳහා ඔබේ පශු වෛද්‍යවරයා වෙත ගෙන යා යුතුය.

ඔබේ සුනඛයාට හොඳ රාත්‍රී නින්දක් ලබා දීමට mydog.lk විසින් මෙම සුනඛ මෙට්ටය නිර්දේශ කරයි!

ඔබේ සුනඛයා නිදා සිටින ආකාරය අනුව හෙලි වන කරුණු

නිදි ඉරියව්ව අනුව

ඔබේ සුනඛයා නිතරම නිදා සිටින ඉරියව්ව ගැන අවධානය යොමු කරන්න. ඔහුට යම් සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම් හෝ වෙනත් යම්කිසි අහපසුකාරී හැඟීම් දැනීමට අපන්ගෙන තිබේනම් ඔහු නිදන ඉරියව්ව ඔහුගේ ප්‍රියතම ඉරියව්වෙන් වෙනස් විය හැකිය.

තුවාල හෝ උගුරේ අමාරුව සුනඛයෙකුගේ නිදාගැනීමේ ඉරියව්ව වෙනස් කිරීමට හේතු විය හැක. එබැවින් ඔබේ පැටවාගේ නිදාගැනීමේ ඉරියව්වේ අසාමාන්‍ය දෙයක් ඔබ දුටුවහොත්, ඔහු යම් කිසි වේදනාවකින් පසු වන්නේ දැයි විමසිල්ලෙන් සිටින්න. යම් කිසි ගැටලුවක් වේ නම් පශු වෛද්‍යවරයා වෙත යන්න.

සුනඛ නින්ද සම්බන්ධ පොදු ඉරියව් සහ ඒවායින් අදහස් විය හැකි දේ පහත දැක්වේ.

සුනඛයෙකු පැත්තට නිදා සිටින විට, ඉතා වැදගත් අවයව නිරාවරණය වන බැවින්, ඔහුට වඩා ආරක්ෂිත සහ සුවපහසු බවක් දැනිය යුතුය.

  1. පැත්තට නිදා සිටීම

මෙම ඉරියව්වට කැමති සුනඛයන් ඉතා පහසුවෙන් හා සැහැල්ලුවෙන් සිටින්නන් වේ. නමුත් ඔවුන් නුපුරුදු තැනක නිදාගෙන සිටින්නේ නම් හෝ ඔවුන් නොදන්නා කෙනෙකු අවට සිටින්නේ නම් වෙනත් ඉරියව්වකට මාරු විය හැකිය.

මෙම පිහිටීම නින්දේදී ඔවුන්ගේ අත් පා නිදහස් කර තබයි. එමනිසා ඔවුන් පැත්තට වැතිර සිටිනවිට අතපය වල ක්ශණික ගැස්සීම් වැනි දේ දැකිය හැකිය.

  1. ගුලි වී නිදා ගන්නා සුනඛ නින්ද

නිදා සිටින සුනඛයන්ගේ සුලභ ඉරියව්වක් වන්නේ බෝලයක හැඩයට නාසය වලිගය ස්ඵර්ශ කරන ලෙස ගුලි වීමයි. අත්‍යවශ්‍ය අවයව ආරක්ෂා කිරීම, උණුසුම සුරැකීම සහ ඉක්මනින් නැගිටීම පහසු කරවන බැවින් වෙනත් බොහෝ වන සතුන්ටද මෙය පොදු ඉරියව්වකි.

මෙම පිහිටීම නින්දේදී චලනයන් සීමා කරයි, එබැවින් බෝලයක් ලෙස මඳ නින්දක සිටින සුනඛයෙකුගේ අඩු ගැස්සීම් පෙන්නුම් කරයි.

මෙම ඉරියව්වේ නිදා සිටින සුනඛයෙකු ඔවුන්ගේ වටපිටාව තුළ අපහසුතාවයට පත්වී ඇතැයි ඔබ සිතනු ඇත. නමුත් එය එසේ නොවේ. කාලගුණය සිසිල් වන විට හා ශීත කාල වලදී මෙය සුනඛයන්ට පොදු ඉරියව්වකි. බොහෝ සුනඛයන්ට එම ඉරියව්වේ නිදාගැනීම හොඳ යයි සිතේ.

  1. අත් පා විසිරෙන සේ උදරය පොලොවේ ගෑවෙන සුනඛ නින්ද

මෙය “සුපර්මෑන්” ඉරියව්ව ලෙසද හැඳින්වේ. එමඟින් සුනඛයෙකුට ක්ශණිකව ඔවුන්ගේ දෙපා මත සිට ගැනීමට පහසු කරවයි.

නිතරම නිදා ගැනීමට අවශ්‍ය නමුත් ක්ෂණිකව නැගිට සෙල්ලම් කිරීමට කැමති සුනඛයන් මෙම ඉරියව්ව ප්‍රිය කරයි.

තම ස්වාමියා සමඟ සැමවිටම ක්‍රියාකාරීව සිටීමට කැමති නමුත් නිතරම කෙටි නින්දක්ද අවශ්‍ය සුනකයන් නින්දේ සිටින අතරවාරයේදීද විමසිල්ලෙන් සිටීම සඳහා මෙම ඉරියව්ව භාවිත කරයි. මෙය ශක්තිවන්ත ක්‍රියාශීලී පැටවුන්ගේ හා සුනඛයන්‍ගේ ඉරියව්වකි.

  1. පිට බිම තබාගෙන අත් පා උඩට සිටින සේ වූ සුනඛ නින්ද

බෝලයක් සේ වක ගැසීම තාපය ආරක්ෂා කරන ආකාරයටම, නිරාවරණය වූ බඩක් සමඟ නිදාගැනීම බල්ලෙකු සිසිල් කිරීමට උපකාරී වේ. සුනඛයෙකුගේ උදරය වටා ලොම් තුනී වන අතර පාදවල දහඩිය ග්‍රන්ථි පිහිටා ඇති බැවින් මෙම ප්‍රදේශ නිරාවරණය කිරීම තාපය පිට කිරීමට හොඳ ක්‍රමයකි.

එය බල්ලෙකු ඉතා සුවපහසු බව පෙන්වන ඉරියව්වක් වන නමුත් එමඟින් ඔවුන්ගේ වඩාත් සංවේදී ප්‍රදේශ අවදානමට ලක්ව ඇති අතරම ඔවුන්ට ඉක්මනින් සිට ගැනීම දුෂ්කර කරයි.

මෙම ඉරියව්වේ නිදා සිටින බලු පැටියෙකුට බොහෝ විට මේ ලෝකේ දෙයක් අදාල නැත. ගිම්හාන මාසවලදී එය පොදු ඉරියව්වකි.

  1. වෙනත් සතෙකුට පිටට පිට තබාගෙන හෝ ඔබට හේත්තු වී සිදු කරන සුනඛ නින්ද

ඔබේ සුනඛයා ඔබේ අනෙක් සුරතල් සතුන් සමඟ පිටට පිට තබා නිදා ගැනීම හෝ ඔබට හේත්තු වී ගැනීම ඔබ දැක ඇත. එයින් අදහස් කරන්නේ එකම දෙයකි. එනම් ඔබේ සුනඛයා ඔබ හා ලෙන්ගතුව බැඳී සිටින බව හෝ ඔවුන්ගේ ලොම් සහිත සහෝදර සහෝදරියන්ට සමීප වීමට අවශ්‍ය වී ඇති බවයි.

මේ ආකාරයෙන් නිදා සිටින සුනඛයෙකුට ඉතා ආදරණීය සෙනෙහසක් දැනෙන අතර, ඔවුන් වටා සිටින අය සමඟ ඔවුන්ට සුවපහසු හැඟීමක් ඇත.

ඔබේ බලු පැටියා සමඟ මඳක් නිදා ගැනීමෙන් ඔහුට ඔබේ ආදරය පෙන්වීමට උත්සාහ කරන්න.

නිදාගැනීමේ හැසිරීම්

සුනඛ නින්ද තුළ ඔවුන්ගේ හැසිරීම් නුළින් ඔබට ඔහු ගැන බොහෝ හෝඩුවාවන් ලැබෙනු ඇත.

ශරීරය සුවපත් වීම සහ අළුත්වැඩියා වීම සඳහා නින්ද වැදගත් වන අතර නින්දේ ගැඹුරුම අවධිය වන REM නින්ද වඩාත් හොඳ ප්‍රතිඵල වෙන්වයි.

ඔබේ සුනඛයාට හැකි හොඳම නින්දක් ලැබෙන බවට වග බලා ගැනීම සඳහා පහත සලකුණු සහ හැසිරීම් කෙරෙහි අවධානය යොමු කරන්න.

  1. රවුමට කැරකීම හා පොලොව හෑරීම

සුනඛයන් නින්දට යන ස්ථානය වටා රවුමට ගමන් කිරීම හෝ නින්දට යාමට පෙර ටිකක් බිම හාරා ගැනීම සාමාන්‍ය හැසිරීමකි.

මෙය සුනඛයන්ගේ වෘක මුතුන් මිත්තන්ගෙන් උරුම වී පැවත එන්නකි. ඔවුන් බොහෝ විට තණකොළ, කොළ හෝ හිම මත නිදා ගැනීමට පෙට අතින් හාරා සුවපහසු ලෙස සකස් කරගත යුතුය. ශීත කාලයේදී දී උණුසුම්ව සිටීමටත් ගිම්හානයේදී සිසිල්ව සිටීමටත් මෙසේ සිදු කරයි.

සුනඛයන් සැතපීමට පෙර කිහිප වතාවක් රවුමට කැරකීමට නැඹුරු වන නමුත් එය ඕනෑවට වඩා කිරීම හෝ වැතිරීමට අපහසු ආකාරයක් පෙන්නුම් කිරීම යනු යම් වේදනාවක්, ආතරයිටිස් හෝ ස්නායු ආබාධයක් පිළිබඳ සලකුණක් විය හැකිය. ඔබ එවන් හැසිරීමක් දුටුවහොත් පශු වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

  1. සැහැල්ලු නින්දක පසු වීම

සුනඛයෙකුට කම්මැලියි නම් හෝ ඔහු කෙටි විවේකයක් ලබා ගන්නේ නම් දිවා කාලයේදී ඔවුන් නිදිබර විය හැකිය. මෙය ගැඹුරු නින්දක් නොවන අතර, ඔබේ බල්ලා ඊට වඩා රසවත් යමක් සිදුවන තෙක් බලා සිටී.

ඔබේ සුනඛයා නින්දේ සිටින නමුත් යම් ශබ්දයක් ඇසුන විට කන් දෙක ඔසවා ඇහුන්කන් දෙයිද? එසේනම් ඔහු කුමක් හෝ සිඩු වන තුරු හොඳ අවදානයකින් සිටින බවට සලකුණකි.

එබැවින් මෙය ඔබට ඔහු හා ඇවිදීමට යාමට හෝ යම් ක්‍රීඩාවක් කිරීමට සුදුසු අවස්ථාවකි.

  1. සුනඛ නින්ද අතරතුර ගැස්සීම, සෙලවීම හෝ මෘදු බිරුම් ඇති වීම

සුනඛයන් වඩාත් ගැඹුරු REM නින්දේ සිටින විට ටිකක් චලනය වීමට නැඹුරු වේ. ඔවුන් ඔවුන්ගේ සිහින වලට ප්‍රතිචාර දැක්වීම විය හැකිය. නමුත් එය ඔවුන්ට යහපත් වන ගැඹුරු නින්දකි.

තිගැස්ම, වලිගය සෙලවීම, පයින් ගැසීම සහ ඉඳහිට කුඩා බිරීමක් හෝ කෙඳිරියක් යනු සාමාන්‍ය දෙයකි. නිදා සිටින සුනඛයින්ට පාඩුවේ සිටීමට ඉඩහැරිය යුතුය. මන්ද මෙම නින්දේ අවධිය ඔවුන්ගේ සෞඛ්‍යයට යහපත් වන බැවිනි.

නින්දේදී චලනය බලු පැටවුන් හා වැඩුනු සුනඛයන් තුළ බහුලව දක්නට ලැබෙන අතර එයට හේතුව කිසිවෙකුට සැබවින්ම පැහැදිලි කළ නොහැක.

සුනඛයෙකුට සීතලක් දැනීම නින්දේදී ගැස්මක් ඇති වීමට එක් හේතුවක් වේ. වෙවිලීම යනු ශරීරය උණුසුම් කිරීමේ ක්‍රමයකි. ඔබේ සුනඛයාට සීතල නම් බ්ලැන්කට්ටුවක් පොරවන්න නැතිනම් උණුසුම් නිදාගන්නා ස්ථානයකට ගෙන යන්න.

  1. මානසික ආතතිය ගැන සංඥා

මිනිසුන්ට මෙන්, සුනඛයන්ටද බියකරු සිහින දැකිය හැකිය.

ඔබේ සුනඛයා නින්දේදී වෙනදාට වඩා දඟලනවානම් හෝ බුරනවානම්, ගොරවනවානම් ආදී අසාමාන්‍ය ලක්ශන පෙන්නුම් කරන්නේනම් ඔබට ඔහුව ආදරයෙන් අමතමින් ඔහුව අතගෑම තුළින් සන්සුන් කළ හැක. ඔහුගේ නම කියමින් ආදරයෙන් පිටට තට්ටු කරන්න.

ඔබ ඔවුන්ව සැනසීමෙන් පසු ඔබේ බලු පැටියා අවදි විය හැකිය, නැතහොත් සැහැල්ලුවෙන් හා වඩාත් ප්‍රසන්න සිහිනයකින් ඉදිරියට යා හැකිය.

ඔබේ සුනඛයා නිතරම නින්දේදී කලබල වන බවක් ඔබ දුටුවහොත් ආරක්ෂිතව සිටීම සඳහා පශු වෛද්‍ය වරයෙකු හමුවීමට සැලසුම් කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය.

නින්දේ ප්‍රමාණය

සුනඛයන් මිනිසුන්ට වඩා බොහෝ සෙයින් නිදා ගනී. සාමාන්‍යයෙන් සුනඛයන්ට දිනකට පැය දොළහක් හෝ 14 ක් පමණ නින්දක් අවශ්‍ය වේ.

ප්‍රමාණයෙන් විශාල සුනඛයන් කුඩා සුනඛයන්ට වඩා දිගු නින්දක් ගැනීමට නැඹුරු වන අතර, බලු පැටවුන්ට දිනකට පැය 18 ත් 19 ත් අතර නින්දක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් සෑම පැය කිහිපයකට පසු ඔවුන් නින්දෙන් අවදි වේ.

ඔබේ සුනඛයාගේ සාමාන්‍ය නිදි පුරුදු සැලකිල්ලට ගන්න. ඔබේ සුනඛයා අසාමාන්‍ය දිගු වේලාවක් නිදාගෙන සිටිනවායයි ඔබ දුටුවහොත්, එය ආහාරමය වෙනසක සිට තයිරොයිඩ් ගැටලුවක් දක්වා බොහෝ දේ විය හැක.

ඔබේ සුනඛයා වැඩිපුර කාලයක් නින්දේ ගත කරන්නේ නම්, එය පශු වෛද්‍ය පරීක්ශාවක් සඳහා කාලය විය හැකිය.

ඔබේ සුනඛයා නිදා ගන්නේ කෙසේද? ඔබේ සුනඛයා බොහෝ සිහින දකිනවාද? ඔබේ බලු පැටියා දවස පුරාම නින්දට යනවාද? පහතින් ඔබේ අදහස් දක්වන්න.

‍MyDog Shop වෙතින් සුවපහසු සුනඛ මෙට්ට නිවෙසටම ගැනීම සඳහා පිවිසෙන්න.
https://shop.mydog.lk/product-category/dog-accessories/

MyDog.lk ලිපි ලියන්නන් දිරිමත් කිරීමට කැමතියිනම් පහතින් ඔබ කැමති මුදලක් ආධාර කරන්න.

රු 100 |රු 300| රු 500 | රු 1000 | රු 3000 | රු 5000

Leave a Reply

Your email address will not be published. Required fields are marked *