Uncategorized
බව්වො කොහොමද ඔයාගෙ සෞඛ්‍ය තත්වය ඉහල නංවන්නෙ?

බව්වො කොහොමද ඔයාගෙ සෞඛ්‍ය තත්වය ඉහල නංවන්නෙ?

මිනිසාගේ හොඳම මිතුරා ලෙස ප්‍රශංසා ලබන සුනඛයන් ආශ්‍රයෙන් බොහෝ
විද්‍යාත්මක අධ්‍යනයන් නිරන්තරයෙන් සිදු වනවා. ඉන් ප්‍රධාන මාතෘකාවක්
වන්නේ සුනඛයන් මිනිසාගේ සෞඛ්‍ය තත්වය යහපැවැත්ම ඉහල නැංවීමට දායක
වන්නේ කෙසේද යන්න සොයා බැලීම පිලිබවඳයි. මෙම ලිපියෙන් අප එවැනි
පර්‍යේශන වල වැදගත් ප්‍රතිඵල කිහිපයක් ගැන සොයා බලමු. 


සුනඛයන් මුලින්ම හීලෑ කලේ කවදාද යන්න නිශ්චිතව පැහැදිලි නැතිමුත් 2017
වසරේ ප්‍රකාශයකට පත්කල විශ්වාසදායික පර්‍යේශනයකට අනුව යුරෝපයේ
සුනඛයන් හීලෑ කිරීම වසර 20,000 – 40,000ත් අතර කාලය දක්වා දිව යන බව
සොයාගෙන තියෙනව. සුනඛ මිනිස් බැඳීම කෙතරම් ප්‍රභල වී ඇද්ද යත් අද
වන විට ඇමරිකන් එක්සත් ජනපදය තුල පමනක් ගෘහස්ත සුනඛයන් මිලියන
78ක් පමන ජීවත් වනවා. අවම වශයෙන් නව ශිලා යුගයේ සිටම මිනිසුන් සහ
සුනඛයන් අතර විශේෂ මිත්‍රත්වයක් සහ අන්‍යෝන්‍ය සහයෝගයක් තිබෙන්නට
ඇති බව උපකල්පනය කල හැකියි. ඉතින් මෙම බැඳීම මෙතරම් කල්
පැවතුනේ කෙසේද? 


වෘකයන්ගෙන් පැවත එන සුනඛයන් ඓතිහාසික වශයෙන් මිනිසා සහ
ඔවුන්ගේ වාසස්ථාන සුරක්ශිතව තබාගැනීමටත්, ඔවුන්ගේ ගවයන් බැටලුවන්
ආදී සත්ව සම්පත් වාගේම භාණ්ඩ ආරක්ශා කිරීමත් සිදුකොට තිබෙනව. ඒ
හැරුනුකොට මිනිසාගේ දඩයම් අවශ්‍යතා සඳහාත් සුනඛයන් පුහුණු කොට
යොදාගැනීම ඉතිහාසය පුරා දකින්නට ලැබෙනව. ඒ වාගේම විවිද විශේෂයන්ට
අයත් සුනඛ වර්ග විසින් ඔවුන්ගේ හැකියාවන්, හුරුබුහුටි බව සහ විචිත්‍රවත්
පෙනුම නිසා මිනිසාට ඉතා ලෙංගතු වූ සත්ව කණ්ඩායමක් ලෙස ස්ථාවර
වුනා. 


සංශිප්තයක් ලෙස සැලකුවහොත් සුනඛයන් සෑමවිටම ඔවුන්ගේ අයිතිකරුවන්
වෙත පක්ශපාතී වීමත්, අයිතිකරුවන්ගේ මුහුණට සිනහව කැන්දන සත්ව
කොටසක් ලෙස ප්‍රසිද්දියට පත්ව තිබෙනව. එසේනම් ඔවුන් මිනිසාගේ සෞඛ්‍ය
යහපැවැත්ම වෙනුවෙන් දායකත්වයක් ලබාදෙන්නේද යන්න සොයාබැලීම
පුදුමයට කරුනක් නොවේ.


සුනඛ මිනිස් සබඳතා පිලිබඳව අධ්‍යනය කල බොහෝ පර්‍යේශනයන් විසින්
සොයාගෙන ඇත්තේ සුනඛයන් සුරතල් සතුන් ලෙස සිටීම අයිතිකරුවන්ගේ
ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්වය ඉහල මට්ටමක පවත්වා ගැනීමට හේතු වන
බවයි. 


වරක් Medical News Today නම් සඟරාව විසින් පෙන්වාදෙනු ලැබූවේ සුනඛයන්
ඇති කිරීම මගින් අකල් මරණ ඇතිවීමේ අවදානම තුනෙන් එකක් දක්වා
අඩුවිය හැකි බවයි. ඒ වාගේම හාවඩ් විශ්ව විද්‍යාලගේ සිදු කල පර්‍යේශනයකින්
හෙලි වී තිබෙනුයේ සුනඛ අයිතිකරුවන්ට හෘදයාබාධ ඇතිවීම එසේ නොවන
පුද්ගලෙකුට වඩා අවම මට්‍ටමක පවතින බවයි. 

මෙසේ සිදුවීමට හේතුව ඔවුන් අනාවරනය කරනවා. සුනඛයෙක් ඇතිකිරීම
නිසා ඔබට පෙර කාලෙට වඩා වැඩියෙන් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත
වන්නට සිද්ද වෙනව. නිදැල්ලේ නොයන සුනඛයන් නොවේනම් ඔබ ඔවුන්ට
දවසට වරක් හෝ ඊටත් වඩා ඇවිද්දවිය යුතු වනව. ඒ වාගෙම සුනඛයා
ක්‍රියාශීලීව තබාගැනීම වෙනුවෙන් ඔවුන් සමග නිතර ක්‍රීඩා කිරීමටද සිදුවනව.
මේ නිසා ඔබේ සුරතලාට මෙන්ම ඔබටද ශාරීරික ව්‍යායාමයන් නොදැනීම
ලැබෙනව. University of Missouri හි සිදු කල අධ්‍යනයකදි හෙලි වනුයේ වයස
අවුරුදු 60ට ඉහල පුද්ගලයින්ගේ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට සුනඛයන්
ඇවිද්දවීම ඉතා හොඳ කාර්‍යයක් බවයි. 


2017 වසරේදී නිකුත් වූ Medical News Today ඔක්තෝබර් මස සඟරාවේ අධ්‍යන
ප්‍රතිඵලයකට අනුව ගර්භණී සමයේ මවක් සුනඛයන් සමග කාලය ගත
කලහොත් දරුවාගේ මුල් ළමා කාලයේදී දද සෑදීමේ අවදානම අඩුවන බව ප්‍රකාශ කෙරුනා. 
ශාරීරික සෞඛ්‍ය මෙන්ම සුනඛයින් නිසා අයිතිකරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්වය
යහපත්ව පැවතීමද සිදුවනවා. 


ඔබ දිවාකාලයේ රැකියා ස්ථානයේ වෙහෙසවී ගෙදර පැමිනෙන විට ඔබේ
සුරතලා මිත්‍රශීලී වෙසින් උද්යෝගයෙන් ඔබවටා හැසිරෙන විට, ආචාර කරන
විට පෙරලා ඔවුනගේ ප්‍රීති ප්‍රමෝදය හා එක්වීම නිසැකයෙන් සිදුවන්නක්.
පර්‍යේශකයින් විසින් මෙසේ ඔබ පෙරලා සුනඛයාගේ ක්‍රියාවන්ට ප්‍රීතියෙන්
ප්‍රතිචාර දැක්වීම පැහැදිලි කරන්නේ එය ඔබගේ ශරීරයේ ඇතිවන
ඔක්සිටොසින් (oxytocin) නම් හෝමෝනය නිසා බවයි. මෙය ‘..ආදර
හෝමෝනය..’ වශයෙන්ද හඳුන්වනවා. 


අප සුනඛයන් සමග ක්‍රියා කරන විට අපගේ ඔක්සිටොසින් මට්ටම ඉහල
යනවා. මෙම හෝමෝනය සමාජ බැඳීම් ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂීව
දායක වන හෝමෝනයක් බැවින් එසේ සුනඛයන් සමග ප්‍රීතියෙන් හැසිරෙන
අවස්තාවක ආදර හෝමෝනය වැඩිපුර ක්‍රියාත්මක වීම මගින් අපගේ මානසික
යහපැවැත්ම වැඩි වනවා.  මානසික සෞඛ්‍ය යහපත්ව පැවතිම ඔබේ එදිනෙදා
ජීවිතේ ක්‍රියාකාරකම් කෙරේ යහපත්ව බලපාන අන්දම අමුතුවෙන් විස්තර කල
යුතු නැහැ.


එසේනම් මින්පසු ඔබ ඔබේ සුනඛයා දකින විට එහි හුදෙක් හුරතල්
සත්වයෙකුට එහා ගිය, ඔබේ සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන් දායක වන
වටිනා මිතුරෙකුත් සිටින බව හඳුනාගන්නට හැකිවේවි.

——————————————————————————————————————

MyDog Shop වෙතින් කාර් සීට් කවර හා තවත් නිෂ්ඃපාදන නිවෙසටම ගෙන්වා ගැනීම සඳහා පිවිසෙන්න.
https://shop.mydog.lk/product-category/dog-accessories/

තව තවත් මෙවැනි ලිපි සකස් කිරීම වෙනුවෙන් MyDog Space ලේඛකයන් දිරිමත් කිරීමට ඔබත් අදහස් කරන්නේ නම් එය ඉතාමත් ප්‍රශංශනීය වේ!

අනුග්‍රහය දක්වන්න: තේ එකක් (රු 100)  |Fresh Juice එකක් (රු 300)|  කොත්තුවක් (රු 500) | බර්ගර් එකක් (රු 1000) | පිට්සා එකක් (රු 3000) 

අපගේ Social Media පිටු සමඟින් එක්වන්න.
Facebook | Instagram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *